ජන හඩ විරෝධතා රැළිය හෙට

Share

යුක්තියේ ජන හඩ විරෝධතා රැළියේ දෙවැන්න හෙට (27) අඟහරුවාදා පස්වරු 2.00ට කළුතර නගර මධ්‍යයේ දී පැවැත්විමට නියම්තව තිබේ.

එම රැළියේ මුලික අරමුණ වි අැත්තේ පවතින දේශපාලන අර්බුදය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සහ එය විසඳීමට ජනාධිපතිවරයාට බල කිරිමයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විරෝධතා ජන රැළියේ දී නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, හිටපු අමාත්‍යවරුන් වන දොස්තර රාජිත සේනාරත්න, චම්පික රණවක, ඇතුලු දේශපාලන නායකයින් රැසක් ජනතාව ඇමතීමට නියමිතය.

කළුතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයින් සහ ශාඛා සමිති නියෝජිතයින් ඒකාබද්ධව මෙම විරෝධතා රැළිය සංවිධානය කර තිබේ.

Read more

Local News