චීනයේ උතුරුදිග ප්‍රදේශයේ රසායනික කර්මාන්ත ශාලාවක් පිටත සිදුවූ පිපිරීමක් සිදු වි තිබේ.
එම පිපිරිමෙන් පුද්ගලයන් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 22 දෙදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ත කරයි.
බීජිං නගරයට උතුරින් වූ ෂැන්ග්ජිආකෝ නගරයේ හෙබෙයි ෂෙන්ග්හුවා රසායනික සමාගමේ කර්මාන්ත ශාලාවක් වෙත පැමිණි රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි රථයක් එම කර්මාන්ත ශාලාවට ඇතුළුවීම සඳහා පිටත රැඳී සිටි අවස්ථාවේදී මෙම පිපිරීම සිදුව තිබේ.
කර්මාන්ත ශාලාව අසල ගින්නෙන් දැවී ගිය ට්‍රක් රථ සහ කාර් රථ රැසක් දැකගත හැකි වූ අතර, මෙම ප්‍රදේශය 2022 දී පැවැත්වෙන ශීත සෘතු ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සත්කාරකත්වය දරණ ප්‍රදේශය ලෙසද සැලකෙයි.
මෙහිදී ඇති වූ ප්‍රබල ගින්නෙන් ට්‍රක් රථ 38ක් සහ තවත් මෝටර් රථ 12ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව එරට බලධාරීහු පවසති.