බස් ගාස්තු සංශෝධනයක් ?

Share

ජාතික ගමනාගමන කොමිෂන් සභාව බස් ගාස්තු සංශෝධනයක් සිදු කිරීමට මැදිහත් විය යුතු බවට ඉල්ලීමක් කරමින් සංදේශයක් බාර දීමට නිමිත බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පැවසීය.

අදාළ සංදේශය අද(21) පස්වරු 2.30 පමණ ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත බාර දීමට නියමිතව තිබේ.

මෙම සංදේශය මඟින් අවම ගාස්තුව රුපියල් 10ය දක්වා පහත දැමිය යුතු බවත්  බස් ගාස්තු සංශෝධනයක් සිදු කළ යුතු බවත් සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය මඟින් ඉල්ලීම කර ඇත.

එම සංගමය වැඩ්දුරටත් පෙන්වා දෙන්නේ අද දින සිදුකළ ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් අඩු වූ අතර ඊට පෙර ඩීසල් ලීටරයක මිල දෙවතාවක දී රුපියල් හත බැගින් සහ එක්වතාවක දී රුපියල් 05කින් අඩුවු බවයි.

Read more

Local News