Home දේශීය පුවත් උතුරේ දරුවන් සඳහා විශේෂ වැඩසටහනක්

උතුරේ දරුවන් සඳහා විශේෂ වැඩසටහනක්

0
උතුරේ දරුවන් සඳහා විශේෂ වැඩසටහනක්

මේ දිනවල උතුරු පළාතේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් පාසල් දරුවන්ට සහන සැලසීම සදහා විශේෂ වැඩසටහනක් දියත් කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඒ අනුව අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නිවාස හානියට පත්ව සිටින පාසල් දරුවන් සදහා අමතර පාසල් නිල ඇදුම් කට්ටලයක් සහ පාවහන් ගැනීම සෙඳහා වවුචරයක් ලබාදීමට සැලසුම් කර ඇත.

මීට අමතරව පෙළපොත් හානියට පත්ව ඇත්නම් ඒ සඳහා අලුතින් පෙළ පොත් ලබා දීමට කටයුතු කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here