වසර ගණනාවකට පසු මහ කන්නය සරුවෙයි

Share

වසර 06කට පමණ පසුව වැඩිම භුමි ප්‍රමාණයක් වගා කර ඇත්තේ මෙවර මහ කන්නයේ බවත්, වසර ගණනාවකට පසුව මෙවර මහ කන්නයේ වැඩි භූමි ප්‍රමාණයක වී ගොවිතැන සිදු කර ඇති බවත් පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර මහතා පැවසීය.

ඒ සඳහා අවශ්‍ය  සියලු පොහොර හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කර ඇති බව ද පොහොර ලේකම් කාර්යාලය සඳහන් කරයි.

ලබන වසරේ යල කන්නය සඳහා ද අවශ්‍ය පොහොර අනායනය කිරිමට මේ වන විටත් සැලසුම් සකස් කර ඇති බව පොහොර ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර මහතා පැවසීය.

Read more

Local News