හෂීස් සමඟ විදෙස් ජාතිකයෙක් දැලේ

Share

හෂීස් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙකු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් ඔහුගේ ගමන් මළු පරීක්ෂා කිරීමේදී එම ගමන් මල්ලේ පතුලේ සඟවා තිබූ මෙම හෂීස් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 280ක් වන අතර 30 හැවිරිදි මෙම ඉන්දීය ජාතිකයා ඉන්දියාවේ කේරල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

Read more

Local News