මේ මස පළමු දින 15 තුළ පමණක් විදෙස් සංචාරකයින් 102,469 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.
මෙම කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 31,185 කි (සමස්ත පැමිණීමෙන් 30%ක්). දෙවන ස්ථානයට රුසියාවෙන් 9,772 ක්, එක්සත් රාජධානියෙන් 6,898 ක්, ජර්මනියෙන් 6,574 ක් සහ චීනයෙන් 5,147 ක් වශයෙන් සංචාරකයින් පැමිණ තිබේ. මේ සමඟ 2026 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,964,773ක් දක්වා ඉහළ ගොස් ඇත.
2026 වසරේ මුල් මාස 11 තුළ ද වැඩිම සංචාරකයින් පිරිසක් (530,810) පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ඊට අමතරව එක්සත් රාජධානියෙන් 180,027 ක්, චීනයෙන් 128,887 ක්, ජර්මනියෙන් 111,879 ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 100,030 ක් වශයෙන් සංචාරකයින් පැමිණ ඇති බව එම වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.



