‍අක්කරෙයිපත්තුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අත්අඩංගුවට

Share

අක්කරෙයිපත්තුව මහ නගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අබ්දුල් ගෆූර් අස්මි ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වෙයි.

අධිකරණ වරෙන්තුවකට අනුව ත්‍රස්ත විමර්ශන ඒකකයේ පෙනී සිටින ලෙස අදාල නියෝජ්‍ය නගරාධිපතිවරයාට නියෝග කර තිබූ අතර ත්‍රස්ත විමර්ශන ඒකකයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අද(17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද ත්‍රස්ත විමර්ශන ඒකකය සඳහන් කළේය.

Read more

Local News