ප්‍රසන්නගේ නඩුවත් කල්යයි

Share

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ මොරින් රණතුංගට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුව අද(17) කොළඹ මහාධිකරණය හමුවේ යළි විභාගයට ගත්තේය.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ නඩු විභාගය පැවැත්වුණි.

එහිදී මෙම නඩුවේ පැමිණිලිකාර ව්‍යාපාරික ජෙරාඩ් මෙන්ඩිස් නමැත්තාගෙන් විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විසින් හරස් ප්‍රශ්න ඇසීම අවසන් කළ අතර රජයේ පාර්ශවයෙන් නැවත ප්‍රශ්න විමසීම ලබන මස 01 වනදා දක්වා කල් තැබුණි.

මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේශ් කුමාර් ෆාරික් නැමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට ද අධිකරණය තීරණය කර තිබේ.

Read more

Local News