අවසරපත් නොමැතිව ගොඩ දැමූ වැලි තොගයක් සොයා ගැනේ

Share

නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත මැරින් බලඝණයට අයත් නාවිකයින් පිරිසක් සහ ශ්‍රී ලංකා පොලිසිය මෙන්ම භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාලයට අනුයුක්ත නිලධාරින් එක්ව ඊයේ(20) පෙරිය කින්නියා, තිප්පංසෙට්ටි ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අවසරපත් නොමැතිව ගොඩ දැමූ වැලි තොගයක් සොයා ගැනීමට සමත්ව ඇත.

ඒ අනුව, තිප්පංසෙට්ටි ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව අවසරපත් නොමැතිව ගොඩදමා තිබූ වැලි කියූබ් 15,000 ක් පමණ ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

වැලි තොගය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ශ්‍රී ලංකා පොලිසිය සහ භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය විසින් සිදු කරනු ලබයි.

තවද, ශ්‍රී ලංකා පොලිසිය සහ භූ විද්‍යා සමික්‍ෂණ හා පතල් කාර්යාංශය හා එක්ව නාවික හමුදාව විසින් නීති විරෝධී වැලි ජාවාරම් මැඩපැවැත්විමට සැලසුම් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව විශේෂ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර ඇත.

ඒ අනුව පසුගිය ජනවාරි මස තුළ පමණක් සිදු කළ වැටලිම් වලදි නීති විරෝධී ලෙස අවසරපත් නොමැතිව වැලි ජවාරම්වල නිරත වූ පුද්ගලයන් ඇතුළුව විශාල වැලි තොගයක් අත්අඩංගුවට ගැනීමට සමත් විය. එමඟින් සිදුවිමට ගිය විශාල පරිසර හානියක් වලක්වා ගැනීමට නාවික හමුදාව සිය දායකත්වය සපයා ඇත.

Read more

Local News