හක් බෙල්ලන් සමඟ අයෙක් නාවික හමුදා අත්අඩංගුවට

Share

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ(20) කල්පිටිය, මොහොතුවාරම් ප්‍රදේශයේදී හක් බෙල්ලන් 24 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒවා අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස යතුරු පැදියක් මඟින් ප්‍රවාහනය කරමින් සිටියදි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සිලාවතුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 43 ක් වන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් හක් බෙල්ලන් සහ පුද්ගලයා ඉදිරි කටයුතු සඳහා කල්පිටිය, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

Read more

Local News