මෙරටින් ගංජා රැගෙන ඩුබායි යන්න ගිය කාන්තාවක් අත්අඩංගුවට

Share

ශ්‍රී ලංකාවේ සිට ඩුබායි වෙත ගංජා තොගයක් රැගෙන යමින් සිටි ශ්‍රී ලංකා කාන්තාවක් ඊයේ (21) දා අත්අඩංගුවට ගෙන තිබේ.

කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය.

ඇය මහනුවර, අකුරණ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ඩුබායි හි ගෘහ සේවය සදහා පිටත්ව යමින් සිටි කාන්තාවකි.

ඇය පිළිබඳව ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම බුද්ධි අංශයට කල් ඇතිව ලැබී තිබූ තොරතුරු මත කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පිරිසක් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.

ඇය රැගෙන පැමිණි ගමන් මල්ලේ අසුරා ගෙන තිබූ කුළු බඩු අඩංගු පාර්සල් කීපයක් අතර ගංජා කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 94 ක ප්‍රමාණයක් පාර්සල් වශයෙන් සකස් කර සගවා ගෙන තිබියදී සොයා‌ගෙන ඇත.

Read more

Local News