‘‘නිල සෙවණ’’ ව්‍යාපෘතියට සමගාමීව ගාල්ල දිස්ත්‍රික්කයේ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉදිකළ නිල සෙවණ කාර්යාල තුනක් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ සුරතින් හෙට(23) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
ග්රී ලාංකීය ජනතාව ස්වාභාවික ආපදාවලින් ආරක්ෂා කර ගැනීමේ උදාරතර පරමාර්ථය පෙරදැරිව ඉදිකළ සුරක්ෂිත මධ්‍යස්ථානයක් සහ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාගේ සංකල්පයකට අනුව මෙය ක්‍රියාත්මක වෙයි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් මෙම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව ගාල්ල, මිලිද්දූව ග්රී සුදර්ශනාරාම සුරක්ෂිත මධ්‍යස්ථානයද වැලිපත, කුඹල්වැල්ල දකුණ සහ ගල්වඩුගොඩ ජනතා අයිතියට පත් කිරීමට නියමිත නිල සෙවණ කාර්යාල වෙයි.