කේරළ ගංජා ග්‍රෑම් 200 ක් සමඟ අයෙක් අත්අඩංගුවට

Share

ඊයේ(28) පුත්තලම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 200 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් සහ පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් පිරිසක් එක්ව මෙම වැටලිම සිදු කර තිබේ.

මෙම කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 30 වන වියෙහි පසුවන පුත්තලම, පාලවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ කේරළ ගංජා ප්‍රමාණය පිළිබඳ වැඩිදුර විමර්ෂණ කටයුතු පුත්තලම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් සිදු කරනු ලබයි.

Read more

Local News