දූෂණ, වංචා සොයන කොමිසමට පැමිණිලි භාර ගන්නා කාලය හෙටින් අවසන්

Share

2015 ජනවාරි සිට 2018 දෙසැම්බර් 31 වන දින දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි සැලකෙන දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලිමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට පැමිණිලි භාර ගැනිමේ කාලය හෙට(07) දිනෙන් අවසන් විමට නියමිතව තිබේ.

ඒ අනුව අද(06) දිනය වන විට දූෂණ වංචා සිද්ධීන් සම්බන්ධයෙන් පැමිණිලි 412 ක් ලැබී ඇති බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

ලැබී ඇති පැමිණිලිවලින් පැමිණිලි 150ක් පමණ පරික්ෂා කර ඇති අතර ඉන් 10 ක් මූලික විමර්ශන කටයුතු සඳහා කොමිසම යටතේ ඇති විශේෂ විමර්ශන පොලිස් ඒකකයට භාර දී ඇත.

Read more

Local News