නීති විරෝධී ලෙස මෙරටින් සංක්රමණය විමට උත්සහ කළ පුද්ගලයින් තිස්දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.
දකුණු මුහුදු තීරයේ මුර සංචාරයේ නියුතු නාවික හමුදා වේග ප්රහාරක යාත්රාවන් දෙකක් මඟින් අද (07) අළුයම දකුණු මුහුදේ නාවික සැතපුම් 80 ක් දුරින් යාත්රා කරමින් තිබූ සැක කටයුතු යාත්රාවක් නිරීක්ෂණය කර ඇති අතර, එම යාත්රාව පරික්ෂා කිරීමේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට පත් එම නීති විරෝධී සංක්රමනිකයින් රැගත් යාත්රාව නාවික හමුදා යාත්රා මඟින් මේ වන විට ගොඩබිම වෙත රැගෙනවිත් තිබේ.