කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද(13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.
කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සමුළුවට එක් වීමට නියමිතය.
පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්, යන තේමාව යටතේ මාර්තු 11 වන දා ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය මාර්තු 15 වනදා දක්වා නයිරෝබි නුවර දී පැවැත්වෙයි.
එහි ඉහළ මට්ටමේ ප්‍රධාන රැස්වීම හෙට (14) ආරම්භ කෙරෙන අතර, හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන් මැතිතුමා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ කිහිප දෙනෙකුද සමුළුවට සහභාගී වීමට නියමිතය.