Home දේශීය පුවත් අධිකරණවල පහසුකම් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

අධිකරණවල පහසුකම් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

0
අධිකරණවල පහසුකම් ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය

අධිකරණවල පහසුකම් ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

අධිකරණ කටයුතු ඉහළ යෑම, ඒ සඳහා භාවිතා කරන ගොඩනැඟිලිවල අධිකරණවල ඉඩකඩ හා පහසුකම් නොමැති වීම ආදි හේතු මුල්කර ගනිමින් රජය මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව වලපනේ දිසා මහේස්ත්‍රාත් ගොඩනැඟිල්ල ඉදි කිරීම, නාරම්මල සංචාරක අධිකරණ කාර්යාල ගොඩනැඟිල්ල පුළුල් කිරීම, වාකරේ හා තෙල්ගොඩ සංචාරක අධිකරණ කාර්යාල ගොඩනැඟිලි ඉදි කිරිම, අක්කරෙයිපත්තුව හා පොතුවිල් දිසා මහේස්ත්‍රාත් අධිකරණවල හා ලේඛනාගාරය ඉදි කිරීම හා හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් සඳහා නිල නිවාස ඉදි කිරීමට සැලසුම් කර ඇත.

මෙම සංවර්ධන කටයුතු 2020 සිට 2022 දක්වා මධ්‍යකාලීන අයවැය රාමුව තුළ රුපියල් මිලියන 592.86ක ආයෝජනයක් සහිතව සිදු කිරීම පිණිස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here