Home දේශීය පුවත් පුද්ගලික අංශයෙන් හදිසි විදුලිය මිල දී ගැනීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය

පුද්ගලික අංශයෙන් හදිසි විදුලිය මිල දී ගැනීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය

0
පුද්ගලික අංශයෙන් හදිසි විදුලිය මිල දී ගැනීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය

මෙගාවොට් සියයක විදුලි ධාරිතාවක් හදිසි මිලදී ගැනීමක් ලෙස පෞද්ගලික අංශයෙන් මිලදී ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව තිබේ.

පවතින විදුලි අර්බුදයට විසදුමක් ලෙස පසුගිය පෙබරවාරි මාසයේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙගාවොට් සියයක විදුලි ධාරිතාවක් ලබාගැනීමට ටෙන්ඩරයක් ඉදිරිපත් කළේය.

ඒඅනුව අදාළ විදුලි ධාරිතාව ලබාගැනීම සඳහා මේ වන විට විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දී ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේය.

මේ අතර දීර්ඝ කාලයක් තිස්සේ මණ්ඩලයට විදුලිය ලබාගෙන කොන්ත්‍රාත් කාලය අවසන් වූ තවත් බලාගාර දෙකකින් විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සූදානම් වන බව වාර්තා වෙයි.

මින් එක් බලාගාරයකින් මෙගාවොට් 50ක් සහ අනෙක් විදුලි බලාගාරයෙන් මෙගාවොට් 20ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමටයි විදුලිබල මණ්ඩලය පියවර ගෙන ඇත්තේ.

මෙහි විදුලි ඒකකයක මිල රුපියල් 23ත් 25ත් අතර වන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර හදිසි මිලදි ගැනීමක් ලෙස සිදුකරන මෙගාවොට් සියය ග්‍රීඩ් උපපොල 6ක් ඔස්සේ අප්‍රේල් මස 20 වැනිදා සිට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here