සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ බස් රථ සේවය අද (08) සිට ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එහි ධාවන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී.එච්.ආර්.ටී.චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ අද සිට ලබන 22 වන දින දක්වා අදියර දෙකක් ඔස්සේ එම බස් රථ සේවාව ක්‍රියාත්මක වන බවයි.
මේ අතර ,නිසි පරිදි සිය වැටුප් වැඩිවීම් රජය විසින් ලබා නොදිම හේතුවෙන් දුම්රිය සේවාවේ අංශ කිහිපයක සේවකයන් හෙට (09) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩවර්ජනයක් සිදු කරන බව දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයන් පවසයි.
ඊයේ (07) පැවති මාධ්‍ය හමුවකදී ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් පි.එම්.පි පිරිස් මහතා මේබව සඳහන් කළේය.