දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් පුද්ගලයෙක් මරුට

Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

කුරුඳුගහහැතැප්ම කිලෝමීටර් 45 යි දශම 6 ප්‍රදේශයේදී කඩවත සිට මාතර දෙසට ධාවනය වූ වෑන් රථයක් ඊට ඉදිරියෙන් ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් අද (09) උදෑසන 05.40 ට පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසුවේය.

අනතුරින් වෑන් රථයේ රියදුරු ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඉන් එක් අයෙකු මියගොස් ඇත.

මියගොස් ඇත්තේ වෑන් රථයේ ඉදිරිපස අසුනේ ගමන් කළ පුද්ගලයා වන අතර ඔහු පිළියන්දල, මාවිත්තර ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි අයෙකු බව සදහන්.

වෑන් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුව ඇති බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Read more

Local News