මාකඳුරේ මධුෂ් දෙසතියක් ඇතුළතදී ලංකාවට

Share

ඩුබායි  පොලිස් අත්අඩංගුවේ පසුවන මෙරට ප්‍රභල පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් හා මත්ද්‍රව්‍ය ජවාරම්වෙකු‌ බව කියන මාකඳුරේ මධුෂ් නැමැත්තා දෙසතියක් ඇතුළතදී ලංකාවට පැමිණීමට නියමිතව ඇති බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්  දීලීප පීරීස්  මහතා සඳහන් කළේය.

අද (09දා) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඔහු මේ බව සඳහන් කළේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් ඝාතතනය කිරීමේ සැලසුම සම්බන්ධයෙන් විභාග වන නඩුව කැඳවූ අවස්ථාවේදීය.

මෙම ඝාතන සැලසුමට මාකඳුරේ මධූෂ් නැමැත්තා සම්බන්ධ බවටත් තොරතුරු වර්තා වී තිබේ. මාකඳුරේ මධූෂ් සමග ඩුබායිහදී අත්අඩගුවට පත්වූවන් අතරින් 15 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරිමට ඩුබායි පොලීසිය කටයුතු කර තිබේ.

Read more

Local News