Home දේශීය පුවත් අලුත් අවුරුද්ද උදාවෙයි

අලුත් අවුරුද්ද උදාවෙයි

0
අලුත් අවුරුද්ද උදාවෙයි

අද අපරභාග 2.09ට වූ සුබ මොහොතින් සිංහල හා දෙමළ අලුත් අවුරුදු උදාව සිදුවුණි.

සිංහල අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව පුණ්‍ය කාලය අද පූර්ව භාග 7.45ට ආරම්භ වූ අතර එය අපරභාග 8.30 දක්වා ක්‍රියාත්මකයි.

පුණ්‍ය කාලය තුළ දී රට පුරා ජනතාව ආගමික ස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වනු දක්නට ලැබුණි.

කෙසේවෙතත් අතීතයේ මෙන් වර්තමානයේදී අවුරුදු චාරිත්‍රවලට ජනතාව වැඩි උනන්දුවක් නොදක්වන බව කෝට්ටේ රජමහා විහාරාධිපති පුජ්‍ය අලුත් නුවර අනුරුද්ධ හිමි සඳහන් කළේය.

මේ අතර අලුත් අවුරුද්ද නිමිත්තෙන් පුණ්‍ය කාලයට පෙර කතරගම දේවාලයේ ද කිරි උතුරුවා ආගමික වතාවත් සිදුකර තිබේ.

මේ වන විට දේවාලය වසා දමා ඇති අතර අලුත් අවුරුදු උදාවීමෙන් පසු යළි දේවාලය විවෘත කිරීම සිදුකරන බව කතරගම දේවාලයේ බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

අලුත් අවුරුදු චාරිත්‍රවලට අනුව අපරභාග 2.42ට රතු සහ කහ මිශ්‍ර වස්ත්‍රාභරණයෙන් සැරසි නැගෙනහිර දිශාව බලා ලිප් බැද ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරිබතක් ද තිකුළු මිශ්‍ර අග්ගලා සහ කැවුම් සකස් කළ අතර  වැඩ ඇල්ලීම සහ ගනුදෙනු කිරීම හා ආහාර අනුභය අපරාභ 3.54ට ලංකාවාසි ජනතාව සිදු කරනු ලැබිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here