එක්සත් ජාතික පක්ෂය ගන්නා සාමූහික තීන්දු තීරණ සමඟ පක්ෂයේ සියලු දෙනා කටයුතු කළ යුතු බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.
ගම්පහ මණ්ඩාවල ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු ගැටළුවක් නොමැති බවත්, ඉදිරියේ දී ජනාධිපති අපේක්ෂකයා ඉදිරිපත් කරන අතර නිසැකයෙන්ම එම අපේක්ෂකයා මේ රටේ ඊළඟ ජනාධිපතිවරයා වන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තරුණ මන්ත්‍රීවරුන් ලෙස ඇති එකම බලාපොරොත්තුව වන්නේ පක්ෂය සමගියෙන් කටයුතු කිරීම බවත් කිසියම් ගැටළුවක් ඇත්නම් කණ්ඩායම් රැස්වීමේ දී සාකච්ඡා කළ යුතු යැයි තමා විශ්වාස කරන බව ද පැවසු මන්ත්‍රීවරයා, එක්සත් ජාතික පක්ෂයෙන් පත් කරන අගමැතිවරයා පිළිබඳ තීරණය කළ යුත්තේ එජාපය තුළින් බවත් ඉන් බැහැරව සිටින අයට එය තීන්දු කළ නොහැකි බවත් කියා සිටියේය.
වර්තමාන අගමැතිවරයා ඉවත් කල යුතු යැයි කිසිවෙකු සඳහන් කර නොමැති බවත් කියා සිටි මන්ත්‍රීවරයා, මෙතෙක් එවැනි දෙයක් යෝජනා වී නොමැති බවත්, පක්ෂය තීන්දු කරන ඕනෑම අයෙක් සමඟ සිටීම තමන් කැමති බවත් පැවසීය