ආදරය, සාමය පිරි පාස්කු ඉරිදා අදයි

Share

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණීන් උට්ඨානය ලැබීම හෙවත් පාස්කු ඉරිදා දිනය අද (21) යි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සහ උට්ඨානය හෙවත් මරණයෙන් නැගී සිටීම සිහි කිරීම පාස්කු මංගල්‍යයේ දී සිදුකෙරෙයි.

දින 40ක චතාරික සමය ගෙවන කිතුණු බැතිමතුන් උපවාසයේ නිරත වෙමින් ආගමික වතාවත්වල යෙදෙමින් සිට අද මෙම මංගල්‍යයට එක් වෙයි.

පාස්කු මංගල්‍යයෙන් ක්‍රිස්තුස් වහන්සේ පෙන්වා දී ඇත්තේ විවිධ බලවේග වලින් එතරව යහපත් ජීවිතයක් ගත කිරීමට ජනතාවට අවස්ථාව පවතින බව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේය.

මේ අතර පාස්කු මංගල්‍ය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ පාස්කුව එළඹෙන්නේ ආදරය, සාමය සහ අන්‍යෝන්‍ය ගෞරවයෙන් යුතුව නැගී සිටින මිනිස් සමාජයක් පිළිබද අපේක්ෂා දල්වමින් බවය.

සියලු කිතුණු බැතිමතුන්ට අර්ථවත් සහ සාමකාමී පාස්කු මංගල්‍යයක් වේවායි ජනාධිපතිවරයා සුබාසිංශන එක්කර ඇත.

Read more

Local News