Home දේශීය පුවත් අමෙරිකාවේ උපරිම සහාය ලංකාවට – ට්‍රම්ප්, රනිල් අමතයි

අමෙරිකාවේ උපරිම සහාය ලංකාවට – ට්‍රම්ප්, රනිල් අමතයි

0
අමෙරිකාවේ උපරිම සහාය ලංකාවට – ට්‍රම්ප්, රනිල් අමතයි

ශ්‍රී ලංකාවේ සිදුවූ අවාසනාවන්ත සිදුවීම පිළිබඳව තමා බලවත් සේ කණගාටු වන බවත්, මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට තමාත්, අමෙරිකා එක්සත් ජනපද ජනතාවත් සූදානමින් සිටින බවත් අමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවසීය.

ජනාධිපති ට්‍රම්ප් මහතා අද(22) සන්ධ්‍යාවේ රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථනයෙන් අමතමින් තවදුරටත් පැවසුවේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය තුරන් කරලීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදය ඇපකැපව සිටින බවයි.

බෝම්බ ප්‍රහාරවලින් මියගිය අයගේ පවුල්වල සාමාජිකයන් වෙත සහ තුවාල ලැබූවන් වෙත සිය කණගාටුව පළ කරන බව ට්‍රම්ප් මහතා මෙහිදී සඳහන් කළේය.

මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ජනතාව වෙත මිත්‍රත්වය සහ සහයෝගය පළ කිරීම පිළිබඳව අගමැති වික්‍රමසිංහ මහතා ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයාට ස්තුතිය පළ කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here