Home දේශීය පුවත් හඳුනානොගත් මෘත ශරීර තවමත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ

හඳුනානොගත් මෘත ශරීර තවමත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ

0
හඳුනානොගත් මෘත ශරීර තවමත් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ

පසුගියදා දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වු පිපිරීම් හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ මෘත ශරීර කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය තුළ පවතින බැවින් එම කාර්යාලය වෙත පැමිණ මෘත ශරීර හඳුනා ගත හැකි බව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අජිත් තෙන්නකෝන් මහතා සඳහන් කර ඇත.

කොළඹ 10, ප්‍රැන්සිස් පාරේ ,අංක 111 දරන ස්ථානයේ පිහිටි, අධිකරණ වෛද්‍ය  හා විෂ වෛද්‍යන ඒකකය වෙත පැමිණ අදාළ මෘත ශරීර හඳුනාගත හැකි බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යශය පවසා සිටියි.

මේ වන විටත් අනන්‍යතාවය හඳුනා නොගත් දේශීය හා විදේශීය පුද්ගලයින්ගේ මළ සිරුරු පවතින බැවින් මිය ගිය පුද්ගලයින්ගේ ඥාතීන්ට පැමිණ අදාළ පුද්ගලයින්ගේ මෘත ශරීර හඳුනා ගැනීමට හැකි බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here