ත්‍රස්තවාදින්ගේ දේපළ රාජ සන්තක කළ යුතුයි

Share

“මෙයින් මිය ගිය සංඛ්‍යාව 321ක් බවට පත්ව තිබෙනවා. මේක සැලසුම් සහගත ප්‍රහාරයක්. ජාත්‍යන්තර සංවිධාන සම්බන්ධ බවට තොරතුරු තිබෙනවා. මේක ජාතික තව්හීතී ජමාත් සංවිධානයේ ප්‍රහාරයක්.අන්තවාදී සංවිධාන තහනම් කිරිමට පියවර ගන්නවා. ඔවුන්ව නීතිය ඉදිරියට ගේනවා. ඔවුන්ගේ නිශ්චල දේපළ හා චංචල දේපළ රාජ සන්තක කළ යුතුයි.

මොවුන්ට ජාත්‍යන්තර සංවිධාවල සහාය ලැබී තිබෙනවා. මුස්ලිම් ජනතාවත් මේ ප්‍රහාරවලට විරුද්ධයි. අත්අඩංගුවට ගැනිමට මුස්ලිම් ජනතව සහාය දෙනවා. ජනතාවගේ සහාය ආරක්ෂක අංශ වෙතට දෙන්න. කටකතාවලට රැවටෙන්න එපා. බුද්ධි අංශ මේ පිළිබඳව දැනුවත් කර තිබුණා.

කිහිප දෙනෙක් දැනුවත් කර තිබුණත් අගමැතිතුමාටවත් මමවත් දැනුවත් කර තිබුණේ නෑ. ත්‍රිවිධ හමුදාපතිවරුන්ට මේ ගැන දැනුවත් කර තිබුණේ නෑ. අන්තවාදයට ඉඩ දෙන්නේ නෑ.” යැයි රුවන් විජේවර්ධන මහතා පාර්ලිමේන්තුව අමතම්න් පැවසුවා.

මේ වන විටත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා රුවන් විජේවර්ධන පාර්ලිමේන්තුව අමතම්න් පැවසුවේ සිදුවු ප්‍රහාර ගැන කණගාටුවට පත් වන බවත් සිදුවු දේ පිලිබඳ පෙර දැනුවත් වි සිටියද ඊට පියවරක් නොගැනිම කණගාටුදායක කරුණක් බවයි.

තවද මේ වන විටත් සෑම බිම් අගලක්ම පරීක්ෂා කිරිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩ්දුරටත් පැවසුවා.

Read more

Local News