රට තුළ පවතින තත්ත්වය නිසා සියලු දේවස්ථානවල දේව මෙහෙයන් නොපැවැත්වෙන බැවින් කතෝලික ජනතාව වෙනුවෙන් විශේෂ ඉරුදින දේව මෙහෙයක් අද දින පැවැත්වෙයි.
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් මෙම විශේෂ දේව මෙහෙය මේ වන විට පැවැත්වෙයි
මෙම විශේෂ ඉරුදින දේව මෙහෙය සියත ටිවි නාලිකාව ඔස්සේ උදෑසන 8.00 සිට සජීවීව විකාශය කිරීමට ද සැලසුම් කර ඇත.
පාස්කු ඉරිදා ප්රහාරයෙන් මියගිය ජනතාව සිහි කරමින් ඔවුන්ට පිං පිණිස මතක වස්ත්ර පූජා කිරීමේ පිංකමක් අද උදෑසන 8.00 කිංග්ස්බරි හෝටල් පරිශ්රයේ දී පැවැත්වීමට නියමිතය.