මේ අතර උඩුනුවර දවුලගල ප්රදේශයේ ඉදි කෙරෙමින් පවතින මුස්ලිම් පල්ලියක තිබී පෙට්රල් බෝම්බ 06ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
දවුලගල පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම පෙට්රල් බෝම්බ සොයාගෙන ඇති බව පොලීසිය ප්රකාශ කර ඇත.
ශ්රී ලංකා තව්හිද් ජමාත් සංවිධානය විසින් මෙම පල්ලිය ඉදිකරමින් පවතින බව පොලීසිය සිදුකළ මුලික විමර්ශන වලින් අනාවරණය වී ඇත.
සැකකරු මහනුවර මහේස්ත්රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.