සමන්තුරේ-චවලකඩේ-කල්මුනේ ඇඳිරි නීතිය උදෑසන 8ට ඉවත් කරයි

Share

සමන්තුරෙයි, කල්මුණ සහ චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට පනවා තිබු පොලිස් ඇදිරි නීතිය අද (29) පෙරවරු 08.00ට ඉවත් කරන බව පොලීසිය පවසයි.

ඊයේ(28) පස්වරු 5.00 සිට නැවත දැනුම්දෙන තුරු එම ප්‍රදේශවලට පොලිස් ඇදිරි නීතිය පනවා තිබුණි.

පසුගිය 26 වැනිදා රාත්‍රී කල්මුණෙයි සයින්දමරුදු ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි මෙහෙයුමක් අතර තුර නිවසක සැඟව සිටි සැකකරුවන් පිරිසක් ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කර තිබු අතර එහිදි මරාගෙන මැරෙන බෝම්බ පුපුරුවා ගැනීම හේතුවෙන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

ඉන් අනතුරුව ආරක්ෂ අංශ අදාළ ප්‍රදේශයේ පුළුල් සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබු අතර මේ හේතුවෙන් සමන්තුරෙයි, කල්මුණ සහ චවලකඩේ යන පොලිස් බල ප්‍රදේශවලට යළි දැනුම්දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පනවා තිබුණි.

Read more

Local News