ෆේස්බුක් ඇතුළු සිය සේවා තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින බව ෆේස්බුක් සමාගම දන්වා සිටියි.
ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ජාල අඩවි වාරණය ශ්‍රී ලංකා රජය මගින් ඉවත් නොකළහොත් එම සමාජ මාධ්‍ය සමාගමේ සේවාවන් ශ්‍රී ලාංකේය ජනතාව වෙත ලබානොදී සිටීමට කටයුතු කළ හැකි බවට ශ්‍රී ලංකා පරිවර්තන සමූහය ලෙස සිදුකර තිබූ නිවේදනය සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම මෙසේ ප්‍රතිචාර දැක්වීය.
“අපේ සේවාවන් තවදුරටත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට කැපවී අතර, ශ්‍රී ලංකාව ඉතා දුක්ඛදායක අවස්ථාවට මුහුණදී සිටින මෙම අවස්ථාවේදී මෙන්ම ඉන් පසුවත් ශ්‍රී ලාංකේය ප්‍රජාවට සහ ශ්‍රී ලංකාවට උදව් කරනවා.”