හිටපු ආරක්ෂක ප්‍රධානීන්ගේ වාර්තාව මහින්දට

Share

පාස්කු ඉරුදින ත්‍රස්තවාදීන් විසින් සිදු කළ ම්ලේච්ඡ  ප්‍රහාරය පිළිබඳවත් රටේ වර්තමාන ආරක්ෂක තත්ත්වය පිළිබඳවත්  සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හිටපු ආරක්ෂක ප්‍රධානීන් ගෙන් සමන්විත පත් කළ කමිටුවේ වාර්තාව ඊයේ (02) විපක්ෂ නායක නිල නිවසේදී විපක්ෂ නායකවරයාට භාර දී තිබේ.

තම මවුබිම වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් කොට විශ්‍රාම සුවයෙන් සිටියදීත් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වී තම මව්බිම වෙනුවෙන් ඉටුකළ උදාර කර්තව්‍යට මෙරට සියළුම පුරවැසියන් වෙනුවෙන් සියලු දෙනාටම ස්තූති වන්ත වන බව විපක්ෂනායකවරයා සඳහන් කළේය.

මෙම අවස්ථාවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන දිනේෂ් ගුණවර්ධන, විමල් වීරවංශ, කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන සහ ඩලස් අලහප්පෙරුම  යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් විය.

Read more

Local News