Home දේශීය පුවත් ලංකාව ත්‍රස්ථ ප්‍රහාරයකට ඉලක්ක වූ හේතුව මෙන්න

ලංකාව ත්‍රස්ථ ප්‍රහාරයකට ඉලක්ක වූ හේතුව මෙන්න

0
ලංකාව ත්‍රස්ථ ප්‍රහාරයකට ඉලක්ක වූ හේතුව මෙන්න

පසුගිය දශකය මුලුල්ලේ සාමය හා නිදහස භුක්ති විඳිමින් ආරක්ෂාව නොසලකා හැරීම හේතුවෙන් ශ්‍රී ලංකාව යළි ත්‍රස්තවාදී ප්‍රහාරයක ඉලක්කය බවට පත්වූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසා සිටියි.

BBC ප්‍රවෘත්ති සේවයට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

ත්‍රස්ත ප්‍රහාරයේ මෙහෙයුම් රටාව හා එහි නායකත්වය පිළිබඳ සළකා බැලීමේදී ඒ සඳහා බාහිර නායකත්වයක් හෝ උපදෙස් තිබිය යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කර සිටියි.

බුද්ධි තොරතුරු එක්රැස් කරන්නන්ට, ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම ඇති අයට මෙන්ම දේශපාලනයේ ඉහළ තනතුරු වල සිටින සියලු දෙනාට මෙහි දෝශාරෝපණය එල්ල විය යුතු බවත් ඒ යුධ හමුදාපතිවරයා සඳහන් කර සිටියේය.

එසේම රටේ ආරක්ෂාව වෙනුවෙන් භට පිරිස් යොදවා ඇති බවත් රට තුළ ප්‍රචණ්ඩත්වයක් හෝ ජනවාර්ගික කැරලි ඇති නොවන බවට වගබලාගන්නා බවත් යුධ හමුදාපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here