ත්‍රිරෝද රථ අනතුරකින් හයකට බරපතළ තුවාල

Share

කළුගහකඳුර – පිටමාරුව ප්‍රධාන මාර්ගයේ බෝගස්තැන්න මංසන්ධිය ආසන්නයේදී අද(06) උදෑසන ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වී තිබේ.

එහි ගමන් ගත් කුඩා දරුවන් දෙදෙනෙකු, කාන්තාවක් ඇතුළු හයදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ඔවුන් මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

ත්‍රිරෝද රථයේ තිරිංග ක්‍රියා විරහිත වීමත් සමඟ ම රියදුරුගේ පාලනයෙන් මිදුණු ත්‍රිරෝද රථය පල්ලම් සහිත මාර්ගය ඔස්සේ අධික වේගයෙන් පැමිණ මාර්ගය අයිනේ වූ වේල්ලක හැපීමෙන් අනතුරු සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.

අනතුරින් ත්‍රිරෝද රථයට බරපතළ හානි සිදුව ඇති අතර කන්දකැටිය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News