Home දේශීය පුවත් මහින්ද, රනිල්ගෙන් ඉල්ලීමක් කරයි

මහින්ද, රනිල්ගෙන් ඉල්ලීමක් කරයි

0
මහින්ද, රනිල්ගෙන් ඉල්ලීමක් කරයි

ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති  ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් ජන සමාජයේ සෑම අංශයකින්ම විරෝධය එල්ල වෙමින් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක් සිය දැඩි විරෝධය දැනටමත් පලකර ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන යෝජිත පනත පිළිබඳව පුළුල් අධ්‍යනයක් සහ විමර්ෂණයක් කිරීමට ඉඩ සැලසෙන සේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද (08 ) අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here