Home දේශීය පුවත් වදක තනතුරට තෝරා ගත් අයට ලබන සතිය තුළ වෛද්‍ය පරීක්ෂණයක්

වදක තනතුරට තෝරා ගත් අයට ලබන සතිය තුළ වෛද්‍ය පරීක්ෂණයක්

0
වදක තනතුරට තෝරා ගත් අයට ලබන සතිය තුළ වෛද්‍ය පරීක්ෂණයක්

වදක තනතුර සඳහා පළමු වටයෙන් තෝරාගත් පුද්ගලයින් ලබන සතිය තුළ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට තීරණය කර ඇත.

ලබන 14 සහ 15යන දෙදින මෙම වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

වදක තනතුර සඳහා ඉදිරිපත් වු අයඳුම්පත් අතරින් පසුගියදා සම්මුඛ පරීක්ෂණ පවත්වා පුද්ගලයින් 30 දෙනෙකු තෝරාගෙන ඇත.

එම තෝරාගත් පිරිස අතරින් වෛද්‍ය පරීක්ෂණයක් පවත්වා වදක තනතුර සඳහා පුද්ගලයින් දෙදෙනෙකු තෝරා ගැනීමට නියමිතය.

පසුව ඔවුන්ට විශේෂ පුහුණුවක් ලබාදීමෙන් අනතුරුව එම තනතුරේ අනුයුක්ත කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here