ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ගේ දියණියගේ රුධිර සාම්පල ලබාගෙන ඩී.එන්.ඒ වාර්තාවක් කැඳවීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය අවසර ලබා දී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමක් සලකා බැලු කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතා එම නියෝගය ලබා දී තිබේ.
මරාගෙන මැරෙන බෝම්බකරුවන්වන් පදිංචිව සිටි ගල්කිස්ස සහ කොල්ලුපිටිය ප්රදේශවල පිහිටි නිවාස සහ ෂ්රැංග්රිලා හෝටලයේ නවාතැන්ගෙන සිටි කාමරයේ තිබු ඇඳුම් පැළදුම් ඇතුළු නඩු භාණ්ඩ සම්බන්ධයෙන් ජෛව විවිධත්ව වාර්තා කැඳවීමට ද මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.