රතන හිමි තවමත් උපවාසයේ

Share

අමාත්‍ය රිෂාඩ් බද්යුදීන්, නැගෙනහිර හා බස්නාහිර ආණ්ඩුකාරවරුන් වන එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා හා අසාත් සාලි යන මහත්වරුන් එම ධුරවලින් ඉවත් කරන ලෙස ඉල්ලමින් මහනුවර දළඳා මාළිඟාව ඉදිරිපිට පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් ආරම්භ කළ උපවාසය තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටිති.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතාද ඊයේ රාත්‍රියේ එම ස්ථානයට පැමිණියේය. මේ අතර ජාතික සංඝ සම්මේලනය ඉල්ලා සිටින්නේ රතන හිමියන්ට සහාය පළ කරමින් ජනතාවට හා අනෙකුත් භික්ෂූන් වහන්සේලාට උන්වහන්සේ සමග එක්වන ලෙසයි.

Read more

Local News