හෙරොයින් තොඟයක් සමඟ කතක් අත්අඩංගුවට

Share

මොරටුව – එගොඩ උයන ජයන්තපුර ප්‍රදේශයේදි නිවසකදි රුපියල් ලක්ෂ  අටකට ආසන්න වටිනා හෙරොයින් මත්කුඩු පැකට් පන්සීයයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගත් බව එගොඩ උයන පොලීසිය පවසයි.

ජයන්තපුර පුද්ගලයෙකු කැලයක සිට මත්කුඩු පැකට් ජාවාරමේ යෙදෙන බවට එගොඩ උයන පොලීසියේ ස්ථානාධිපතිට ලද තොරතුරක් මත සිදු කළ  වැටලිමේදි ඒම පුද්ගලයා නිවසින් මඟ හැර ගොස් තිබු බව පොලීසය පවසයි.

ස්ථානාධිපති වරයාට තොරතුර ලබාදුන් පුද්ගලයා ඒ මොහොතේ ලබා දුන් ක්ෂණික තොරතුරක් අනුව කාන්තාව මත්කුඩු පැකට් තොගය සමඟ අත්අඩංගුවට ගැනීමට හැකි වි යැයි පොලීසය පවසයි.

මත්කුඩු ජාවාරම්කරු පානදුර ප්‍රදේශයේ මත්කුඩු පැකට් ප්‍රවාහනය කර මෝදර එගොඩ උයන හා මොරටුව ප්‍රදේශවලට තොග හා සිල්ලර වශයෙන් බෙදා හැර ඇතැයි සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරිම්වලදි හෙළි වු බව පොලීසිය පවසයි.

Read more

Local News