මුස්ලිම් අමාත්‍යවරුන් බුදුන්ගේ ඉගැන්විමට ජිවයක් දුන්නා

Share

තමන්ට එල්ල වන චෝදනා සහ විවේචනවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (05) නිවේදනයක් නිකුත් කර තිබුණි.

වෛරයේ ඉලක්කයක් බවට පත්වූ තම සගයා වෙනුවෙන් එඩිතර ලෙස එකට සිටගැනීමෙන් රජයේ මුස්ලිම් අමාත්‍යවරුන් වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට ජීවයක් ලබාදුන් බවත්, ඔවුන්ගේ එඩිතරභාවයට තමන් අත්පොළසන් ලබාදෙන බවත් එහි සඳහන්ය.

වාර්ගික සමගිය සහ එකමුතුභාවය රටට හෝ එහි ජනතාවට භයානක නොවූවද ඇතැම් දේශපාලකයින්ට, මාධ්‍ය ආයතනවලට සහ ඇතැම් පූජ්‍ය පක්ෂයට එය අනතුරුදායක වන බව අමාත්‍ය මංගල සමරවීර මහතා සිය නිවේදනයේ දක්වා ඇත.

මුස්ලිම් ජනතාව බෞද්ධ ප්‍රජාවට බිය නොවන එකමුතු ශ්‍රී ලංකාවක, සිංහල ජනයා දෙමළ ජ්‍රජාවට බිය නොමැති රටක, කතෝලික ජනතාවට නිදහසේ යාච්ඥා කළ හැකි රටක, ඉහත කියූ දේශපාලකයින්, මාධ්‍ය ආයතන පූජ්‍ය පක්ෂය අදාළ නොවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

සිංහල කාන්තාවන් මුස්ලිම් වෛද්‍යවරුන් තමන් වඳභාවයට පත්කරනු ඇතැයි බිය නොමැති සමාජයක, ක්‍රිස්තියානි භක්තිකයෙක් දේශපාලනයේ සාර්ථක වීම සඳහා බෞද්ධයෙක් බවට පත්වීම අවශ්‍ය නොවන සමාජයක ඉහත පාර්ශවයන්ට පැවරෙන භූමිකාව කුමක්ද යන්න අමාත්‍යවරයා ඉන් ප්‍රශ්න කර සිටියි.

රිෂාඩ් බදියූදින් හෝ ඕනෑම අයෙක් අපරාධයක් කර ඇත්නම් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ක්‍රමවේදයක් ඇති බවත්, මුලින්ම මාධ්‍ය සහ පාර්ලිමේන්තුව විසින් පුද්ගලයෙක් වරදකරුවෙක් කර පසුව ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් ඉල්ලා සිටීම සිදුකළ නොහැකි බවත් අමාත්‍යවරයා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

Read more

Local News