ජනපතිගෙන්, රුසියානු ජනපතිට ආරාධනාවක්

Share

නුදුරු දිනකදීම ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණෙන ලෙස රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මහතාට ජනාධිපති ආරාධනා කර තිබේ.

ඒ ටජිකිස්ථානයේ දුෂාන්බේහි පැවති ආසියාවේ අන්තර් ක්‍රියාකාරීත්වය හා විශ්වාසය ගොඩනැංවීමේ පියවර පිළිබඳ සමුළුව අතරතුර නායකයින් දෙදෙනා අතර හමුවේදී ජනාධිපතිවරයා එම ආරාධනය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

ශ්‍රි ලංකාව සහ රුසියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ කලාපීය වශයෙන් වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානයට යොමුව තිබේ.

රුසියාවෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන යම් භාණ්ඩ සඳහා අමෙරිකාව විසින් මේ වනවිට සම්බාධක පනවා තිබෙන අතර ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කළයුතු ආකාරය පිළිබඳව දෙරටේ නායකයින් සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.

Read more

Local News