ඡන්ද පත්‍රිකාවට නව තීරුවක්

Share

ඡන්ද පත්‍රිකාවට නව තීරුවක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අවධානය යොමුව තිබේ.

“කිසිවෙකුත් නැත” යන තීරුවක් ඡන්ද පත්‍රිකාවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව එම කොමිසමේ ප්‍රකාශයෙකු සඳහන් කළේය.

මෙහිදි යම් ඡන්ද දායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීමට අපේක්ෂයෙකු නොමැති අවස්ථාවක එම තීරුව භාවිතයට ගැනීමට හැකියාව පවතියි.

සමාජ ජාල සහ විවිධ පුද්ගලයින්ගෙන් ලැබුණු ඉල්ලීම් මත මෙම තිරුව ජන්ද පත්‍රිකාවේ ඇතුළත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් පසුගියදා පක්ෂ ලේකම්වරුන් සමඟ පැවති සාකච්ඡාවේදි ඔවුන් දැනුම්වත් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත.

Read more

Local News