ආණ්ඩුව ජනතාවගේ සැබෑ ගැටලු යටපත් කරනවා

Share

කලින් කලට විවිධ මාතෘකා පිළිබඳව සාකච්ඡා කරමින් ආණ්ඩුව ජනතාවගේ සැබෑ ගැටලු යටපත් කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹදී අද (18) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පස්කු ප්‍රහාරය සිදු වී මාසයකට අධික කාලයක් ගත වුවත් ඒ සඳහා සැලකිය යුතු විසදුමක් ලබා දි නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් පවසයි.

ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කරමින් එක් එක් මාතෘකා කරළියට ගෙන එන අතර ජාතික ආරක්ෂාව සම්බන්දයෙන් කිසිදු පිලියමක් යෙදිමට රජය කටයුතු නොකර බවට බන්දුල මන්ත්‍රීවරයා එහිදි චෝදනා කළේය.

මේ හේතුවෙන් ජාතික ආර්ථකයට විශාල ගැටලු රාශ්‍රීයක් ඇති වී ඇති බැවින් එය වැලැක්වීමට වහා කටයුතු කළ යුතු බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News