පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යළි අද රැස්වෙයි – අබ්දුල් රාසික් විශේෂ කාරක සභාව හමුවට

Share

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව යළි අද(20) පස්වරුවේ රැස්වීමට නියමිතව තිබේ.

අද දිනයේදී කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස සමස්ත ලංකා තවුහිද් ජමාද් සංවිධානයේ නායක අබ්දුල් රාසික්ට දැනුම් දී තිබේ.

මේ අතර මින් ඉදිරියට සාක්ෂි විමසීමේදී ඇතැම් සාක්ෂිකරුවන්ගේ අනන්‍යතාවය හෙළි නොකිරීමට සහ සාක්ෂි විමසීම් රහසිගතව සිදු කිරීමට පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කර ඇත.

ඇතැම් සාක්ෂි විමසීමේදී මාධ්‍ය නොමැතිව සාක්ෂි සටහන් කිරිමට විශේෂ කාරක සභාව තීරණය කළ බව එහි සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේය.

කාරක සභාවේ නියෝජිතයින් ඊයේ(19) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී මෙම තීරණ ගෙන ඇත.

Read more

Local News