සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සංකල්පයක් මත දිවයින පුරා රෝහල්වලට අති නවීන ගිලන් රථ බෙදාදීමේ වැඩසටහන යටතේ පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයට නව ගිලන් රථයක් ලබාදීම අද(20) සිදු කෙරිණි.
කථානායක කරූ ජයසූරිය මහතා වෙත සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් නිල වශයෙන් ගිලන් රථය බාරදුන්නේ ය.
පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානය සදහා ෆොර්ඩි වර්ගයෙන් ගිලන් රථයක් මෙහිදී පිරිනැමුන අතර, එහි වටිනාකම රුපියල් කෝටියකට ආසන්න වෙයි.
ජර්මනියේ නිෂ්පාදිත මෙම ගිලන් රථය අතිනවීන පහසුකම් වලින් යුතු ගිලන් රථයක් ද වෙයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් එම්.ඒ.ටි සෙනරත් මහතා, ප්‍රවාහන අධ්යක්ෂ මනෝඡ් කරුණාරත්න මහතා ඇතුලු වෛද්‍යවරුන් ද එක්ව සිටියහ.







