මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්නැයි පාර්ලිමේන්තුවට ඒකමතික යෝජනාවක්

Share

මඩකලපුව විශ්වවිද්‍යාලය හදිසි නීතිය යටතේ පරීක්ෂණ කටයුතු අවසන් වන තුරු රජයට පවරා ගන්නැයි අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ඒකමතිකව පාර්ලිමේන්තුවට යෝජනා කර තිබේ.

එම කාරක සභාවේ සභාපති ආශු මාරසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කරමින් මේ බව පැවසීය.

අද(21) උදෑසන පාර්ලිමේන්තුව හමුවේ මෙම යෝජනාව ආශු මාරසිංහ මහතා විසින් ඉදිරිපත් කර සිටි අතර විශ්වවිද්‍යාලයට අයත් සියලූම වත්කම් හා දේපල නැගෙනහිර විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් ලෙස පවත්වා ගෙන යා යුතු බව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන අධීක්ෂණ කාරක සභාව විසින් නිර්දේශ කර තිබේ.

එමෙන්ම සියලූම වැරදිකරුවන්ට තරාතිරම නොබලා නීතිය පියවර ගන්නා ලෙසත් ආශු මාරසිංහ මහතා ඉල්ලා සිටියේය.

Read more

Local News