Home දේශීය පුවත් සෑම සිකුරාදාම එක්දින දුම්රිය වර්ජනයක්

සෑම සිකුරාදාම එක්දින දුම්රිය වර්ජනයක්

0
සෑම සිකුරාදාම එක්දින දුම්රිය වර්ජනයක්

වැටුප් විෂමතා ගැටලුවට විසඳුමක් ලැබෙනතුරු ලබන සතියේ සිට සෑම සිකුරාදාවකම එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති පවසයි.

පසුගියදා (20) මධ්‍යම රාත්‍රියේ සිට ඔවුන් ආරම්භ කළ දෙදින සංකේත වැඩවර්ජනය ඊයේ (22)  මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරිණි.

දුම්රිය එන්ජින් රියදුරු,දුම්රිය නියාමක,දුම්රිය ස්ථානාධිපති,දුම්රිය පාලක සහ දුම්රිය අධීක්ෂණ කළමනාකාර ශ්‍රේණිවල නිලධාරීන් එක්ව ආරම්භ කළ පැය 48 ක සංකේත වැඩවර්ජනය අදත් ක්‍රියාත්මක කෙරුනේ එම ශ්‍රේණිවල වැටුප් විෂමතා ගැටලුවක් මුල් කරගනිමින්.

වර්ජනය හේතුවෙන්  දිවයිනේ සෑම දුම්රිය ස්ථානයක්ම පාහේ ඊයේ දිස්වූයේ දැඩි පාලු ස්වභාවයක්.

සාමාන්‍ය තත්ත්වය යටතේ සති අන්තයේ දුම්රිය ගමන්වාර 320ක් පමණ ධාවනය කෙරුණ ද ඊයේ පෙරවරුවේ ක්‍රියාත්මක කෙරුණේ දුම්රිය ගමන්වාර 12ක් පමණයි.

වැටුප් විෂමතා විසඳීමේ කැබිනට් තීරණය ක්‍රියාත්මක නොකළහොත් යලිත් වැඩවර්ජනයකට අවතීර්ණ වීමට සූදානම් බව දුම්රිය වෘත්තීය සමිති පවසන්නේය.

වර්ජනය හේතුවෙන් දුම්රිය මගීන් මෙන්ම විදේශීය සංචාරකයින් ද අසීරුතාවන්ට මුහුණ පා සිටියේය.

මුදල් ගෙවා දුම්රිය මාසික වාර ප්‍රවේශපත්‍ර මිලදී ගෙන තිබූ ඇතැම් මගීන් දුම්රිය නොමැති වීම නිසා කෝපයට පත්ව සිටිනු දක්නට ලැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here