රටේ කිසිම ආයතනයක් අපේ පෞද්ගලික බූදලයක් නෙවෙයි

Share

රට තුළ ඇති කිසිදු ආයතනයක් කිසිවෙකුගේ හෝ පෞද්ගලික දේපළක් නොවන බවත්, ඒ වෙනුවෙන් සියල්ලන්ටම වගකීමක් ඇති බවත් හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.

ඊයේ (29) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“මේ රටේ කිසිම ආයතනයක් අපේ පෞද්ගලික බූදලයක් නෙවේ. මේ රටේ දේවල්. මේ හැම සතේකටම අපි වගකියන්න ඕනෙ.

අද රට දූෂණයෙන්, වංචාවෙන් පිරිලා විගණකාධිපති දෙපාර්තමේන්තුවක් තිබියදීත් එය නොතිබුණා නම් කොතැන තියෙයිද?

රජයට කොතරම් මුදල් ඉතිරි කරනවාද නිවැරදි සංඛ්‍යාලේඛන සකසන්නෙ නෑ. ඒ නිසයි මේ ප්‍රශ්න.

ඒ නිසා අලුත් වැඩපිළිවෙලක් සැකසුවා අවුරුද්ද අවසානයේ බිලියන කීයක් ඉතුරු කරනවාද බලන්න.

2016දී මුදල් අමාත්‍යාංශ වාර්තාව මම ප්‍රතික්ෂේප කළා. එය 2005දී කළා නම් රට ණය කන්දක හිර වෙන්නෙ නෑ.

විගණකාධිපති දෙපාර්තමේන්තුව කරපු දේ නිවැරදි බව අද හැමෝම පිළිඅරන්.

ඒ පිළිබඳ උදාහරණයක් ලෙස මහ බැංකුව අද අපේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම දක්වන්න පුළුවන්.” යනුවෙන් ඒ මහතා එහිදී සිය අදහස් පල කළේය.

Read more

Local News