අද (04) දහවල් 11 ට පමණ මඩකලපුව පොලිස් වසමේ පුදුර් ප්රදේශයේ දී රථවාහන රාජකාරීයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යම් කිසි පිරිසක් විසින් පහර දීමක් සිදු කර තිබේ.
මෙම පොලිස් නිලධාරින් දෙදෙනා රියදුරු බලපත්රය නොමැතිව ගමන් කල යතුරු පැදියක් පරීක්ෂා කර අත්අඩංගුවට ගෙන තිබේ.
අනතුරුව යතුරුපැදිය පොලිස් ස්ථානයට රැගෙන එන අතර තුර වෙනත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිලධාරීන්ට බාධා කරමින් මාර්ගය හරස් කර තිබේ.
එම අවස්ථාවේ දී ඔවුන් පැමිණි යතුරුපැදිය බිම ඇද වැටී ඇත.
පසුව එම ස්ථානයට පැමිණි ගම්වාසීන් කීප දෙනෙකු විසින් එම නිලධාරීන් දෙදෙනාට පහර දී තිබේ.
එම ස්ථානයට පැමිණි ගම්වාසීන් කිහිප දෙනෙකු විසින් එම නිලධාරීන්ට දෙදෙනාට පහර දී ඇති බව ද පොලීසිය පවසයි.
කෙසේ වෙතත් පසුව නිලධාරින් දෙදෙනාගෙන් එක් අයෙකු සතුව තිබූ රිවෝල්වරයක් පැහැර ගෙන ගොස් ඇත.
මෙහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටින බව පොලීසිය සඳහන් කරයි.
සිද්ධියට අදාළව සැකකරුවන් හඳුනාගෙන ඇති අතර, මඩකලපුව කොට්ඨාස පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන පවත්වයි.



